Gossips

ඉන්ධන මිල වැඩිවීම ගැන හිටපු ජනපති පැහැදිළි කිරීමක් ඉල්ලයි

දේශීය ඉන්ධන මිල අසාමාන්‍ය ආකාරයට වැඩි වීම සම්බන්ධයෙන් රජය ජනතාවට පැහැදිලි කළ යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් ඔහු කියාසිටියේ මිල වැඩිවීම සාධාරණීකරනය කිරීමට මිල සුත්‍රයක් පිළිබඳ කතා කළ ද කිසිවෙකු එවැනි සූත්‍රයක් දැක නොමැති බවයි.
රජය සූදානම් වන්නේ ඉන්ධන මිල නිරතුරුව අඩු වැඩි කිරීම තුලින් වසර අවසානය වන විට ඉන්ධන අලෙවියෙන් වැඩි ආදායමක් ලබාගැනීමට බවට හිටපු ජනාධිපතිවරයා චෝදනා කරනවා.
සති 8 ක පමණ කාලයක් තුල දෙවන වරටත් ඉන්ධන මිලේ වැඩි වීමක් සිදුවූ පළමු අවස්ථාව ද මෙය විය හැකි බව ද මහින්ද රාජපක්ෂ නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.