Gossips

ඇෆ්ගන් ගැටුම් ගැන නේටෝ සංවිධානයේ අවධානය

ඇෆ්ගනිස්ථානයේ පවතින ගැටුම් පිලිබද නේටෝ සංවිධානයේ නායකයින් අවධානය යොමුකර තිබෙනවා.
බ්‍රසල්ස් නුවර පැවැත්වෙන නේටෝ සමුළුවේ දෙවන දිනය වන අද ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සිදුකළ ඉල්ලීමකට මෙලෙස දැඩි අවධානය යොමුවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේ.
එහිදී ඩොනල්ඩ් ට්‍රම්ප් නේටෝ සාමාජික රටවලින් ඉල්ලා සිටියේ තම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 4 ක් ආරක්ෂක කටයුතු වෙනුවෙන් වෙන් කරන ලෙසයි.
මෙම සමුළුවට ඇෆ්ගනිස්ථාන ජනපති අශ්රෆ් ගානි ද සහභාගි වී සිටිනවා.
එමෙන්ම, 2024 දක්වා නේටෝ සංවිධානය නියෝජනය කරන සියලූ රටවල් ඇෆ්ගනිස්ථාන ආරක්ෂක හමුදාවලට මූල්‍ය ආධාර සපයනු ඇති.