Gossips

ත්‍රීරෝද රථ සංගම් අධිකරණයට

මීටර් සවි කර නොමැති සහ ගමනාන්තය වෙනුවෙන් බිල්පතක් ලබා නොදෙන ත්‍රීරෝද රථ රියදුරන් අධිකරණයට ඉදිරිපත් කළ හැකි බවට පවතින නිතියට එරෙහිව අධිකරණට යාමට ලංකා ස්වයං රැකියා වෘත්තීකයින්ගේ ජාතික ත්‍රිරෝද රථ සංගමය තීරණය කර තිබෙනවා.
මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව ප්‍රකාශ කළේ මෙලෙස මීටර් සවි කළ නොමැති සහ ගමනාන්තයට බිල්පතක් ලබානොදෙන ත්‍රිරෝද රථ රියදුරන් අගෝස්තු මස 01 වනදා සිට අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකියාව පවතින බවයි.
කෙසේ වෙතත්, මෙම නීතිය සම්බන්ධයෙන් ලංකා ස්වයං රැකියා වෘත්තීකයින්ගේ ජාතික ත්‍රිරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධනගෙන් සහ සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සුදිල් ජයරුක්ගෙන් අප විමසීමක් කළා.
ඔවුන් ප්‍රකාශ කළේ මෙම තීරණය සම්බන්ධයෙන් ඉදිරියේදී අධිකරණය හමුවට යාමට බලාපොරොත්තු වන බවයි.