Gossips

ලක්ෂ 16 ක් වටිනා කුරුඳු තොගයක් සමග තුන්දෙනෙකු අත්අඩංගුවට

මාතර – වලස්මුල්ල ප්‍රදේශයේ සඟවා තිබූ රුපියල් ලක්ෂ 16 කට අධික වටිනාකමකින් යුතු කුරුඳු තොගයක් සමඟ සැකකරුවන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඇල්පිටිය – අටකොහොන ප්‍රදේශයේ කුරුඳු අලෙවි කරන ස්ථානයකින් මෙම කුරුඳු තොගය සොරාගෙන ඇති බවයි මූලික විමර්ශනයේදී අනාවරණ වී ඇත්තේ.
ඒවා ප්‍රවාහනය කිරීමට යොදාගත් වාහන දෙකක්ද සොයාගෙන තිබෙනවා.