Gossips

වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

කුරුණෑගල – අඹන්පොල – පත්තිනිගම ප්‍රදේශයේදී වන අලි පහරදීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
ඊයේ රාත්‍රියේ මොහු සිය නිවසේ රැඳී සිටියදී වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
බරපතල තුවාල ලැබූ මොහු කුරුණෑගල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ 34 හැවිරිදි පුද්ගලයෙක්.