Gossips

සිංහරාජයේ අලින්ට කලවානත් නැතිවෙයිද?

කලවාන ප්‍රදේශයේ අලි රැඳවුම් මධ්‍යස්ථානයක් ඉදිකිරීමේ තීරණයට විරෝධය පළ කරන බව හීලෑ අලි ඇතුන් සුරැකීමේ සංවිධානය පවසනවා.
සිංහරාජ වනාන්තරයේ දැනට ඉතිරිව සිටින අලි දෙදෙනා රැඳවීම සඳහා කලවාන ප්‍රදේශයේ හෙක්ටයාර 36 ක භූමියක් පවරා ගැනීමට පෙරේදා රැස්වූ අමාත්‍ය මණ්ඩලය තීරණය කළා.
සිංහරාජයේ ඉතිරිව සිටින අවසන් අලි දෙදෙනා සම්බන්ධයෙන් පසුගිය දිනවල දැඩි කතාබහක් ඇතිවූයේ එම සත්වයින් හොරොව්පතාන අලිරැඳවුම් මධ්‍යස්ථානයට රැගෙන යන බවට වනජීවී අමාත්‍ය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා සිදුකළ ප්‍රකාශයත් සමඟයි.
පසුව මෙම අලි දෙදෙනා හොරොව්පතාන අලිරැදවුම් මධ්‍යස්ථානයට රැගෙන යාමට මෙහෙයුමක් ද ක්‍රියාත්මක වූ අතර එය පසුව නවතා දමනු ලැබුවේ ජනාධිපතිවරයා විසින් සිදුකළ දැනුම් දීමකට අනුවයි.
කෙසේ වෙතත් හීලෑ අලිිඇතුන් සුරැකීමේ සංවිධානයේ සභාපති පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ මෙම වන අලි දෙදෙනා සිංහරාජ වනාන්තරයෙන් ඉවත් කරනවාට වඩා ප්‍රායෝගියක වන්නේ එම සතුන් සිටින ප්‍රදේශවල ඇති ගම්මානවල ආරක්ෂාව සඳහා අලි වැට ඉදි කිරීම බවයි.
මේ අතර කහවත්ත නගරයේ මිහිඳු පෙරහරක් අතරතුර අලියෙකු කුලප්පු වීමේ සිද්ධියේදී බරපතල තුවාල ලබා රෝහල් ගත කර සිටි පොලිස් නිලධාරියා දින 11කට පසු මියගොස් තිබෙනවා.
රත්නපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ඔහු අද අලූයම ජීවිතක්ෂයට පත් වූ බවයි හිරු ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.
පසුගිය 01 වනදා කහවත්ත ප්‍රදේශයේ පැවති පෙරහරේ ආරක්ෂාව සඳහා රාජකාරියේ යොදවා සිටි මෙම නිලධාරියා උඩවලව පොලීසියට අනුයුක්තව රාජකාරි කළ අයෙක්.
මෙම සිද්ධියේදී පෙරහර නැරඹීමට පැමිණි පුද්ගලයින් 31 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණා.