Gossips

අම්බලන්ගොඩදී ගිනි අවියක් සහ ආයුධ සමඟ තරුණයෙකු අත්අඩංගුවට

අම්බලන්ගොඩ – දියසෙන්පුර ප්‍රදේශයේදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සහ කඩු දෙකක් සමඟ තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ ඇල්පිටිය කොට්ඨාශ නීතිය බලගැන්වීමේ ඒකකයට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදීයී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.
එහිදී සැකකරු සතුව තිබී මෙරට නිෂ්පාදිත රිවෝලවරයක්, ජීව උණ්ඩ 3 ක් සහ කඩු 2 ක් පොලිස් භාරයට ගනු ලැබුවා.
සැකකරු 24 හැවිරිදි අම්බලන්ගොඩ – තිලකපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.