Gossips

කෝටි 11 ක කුඩු සමඟ අත්අඩංගුවට ගත් දෙදෙනා අද සී.අයි.ඩී.යට

රුපියල් මිලියන 118 ක් පමණ වටිනා හෙරොයින් තොගයක් සමඟ ඊයේ සේරුවාවිලදී අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන ඒමට නියමිතයි.
අනතුරුව ඔවුන් අධිකරණයට ඉදිරිපත් කර දින 7 ක රැඳවුම් නියෝග ලබාගැනීමටයි එම දෙපාර්තමේන්තුව අපේක්ෂා කරන්නේ.
සේරුවාවිල – මාවඩිච්චේන ප්‍රදේශයේ මෝලක වී ගෝනි තුළ සඟවා තිබියදී සොයාගත් මෙම හෙරොයින් තොගය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙතෙක් අත්අඩංගුවට ගන්නා ලද විශාලතම හෙරොයින් තොගයයි.
කිලෝ 9 යි ග්‍රෑම් 900 ක් පමණ බරැති පාර්සල් 22 ක් එහිදී සොයාගත් තර, අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අවුරුදු 34 සහ 41 යන වයස්වල පසුවන එම ප්‍රදේශයේම පදිංචිකරුවන්.