Gossips

මූල්‍යමය දායකත්වය වැඩි කරන්න – නේටෝ සංවිධානයට ට්‍රම්ප් කියයි

නේටෝ සංවිධානය නියෝජනය කරන රටවල් එම සංවිධානයට ලබාදෙන මූල්‍යමය දායකත්වය දෙගුණයකින් වැඩිකළ යුතු බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ බ්‍රසල්ස් නුවරදී පැවති නේටෝ සංවිධානයේ විශේෂ හමුවකදියි.
මෙම සංවිධානය නියෝජනය කරන රටවල් මේ වනවිට සංවිධානයේ ක්‍රියාකාරීත්වය සඳහා යොදවනු ලබන්නේ දලජාතික නිෂ්පාදිතයෙන් සියයට 4 ක පමණ ප්‍රතිශතයක්.
මෙම තත්ත්වය තුළ ඇමරිකාවට නේටෝ සංවිධානයේ පැවැත්ම වෙනුවෙන් වැඩි බරක් දැරීමට සිදුව තිබෙනවා. ඒ අනුවයි සියයට 8 ක් දක්වා නේටෝ රටවල් සිය දායකත්වය වැඩි කළ යුතු බවට ඇමරිකානු ජනාධිපතිවරයා මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ.