Gossips

පිස්තෝලයක් සහ මත්කුඩු සමඟ තරුණයෙකු අම්බලන්ගොඩදී අත්අඩංගුවට

අම්බලන්ගොඩ – අකුරල ප්‍රදේශයේදී පිස්තෝලයක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 2 යි මිලිග්‍රෑම් 815 ක් සමඟ තරුණයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඇල්පිටිය කොට්ඨාශ නීතිය බලගැන්වීමේ ඒකකයේ නිලධාරීන් සිදුකළ වැටලීමකදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි මෙම තරුණයා අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
අත්අඩංගුවට ගත් 24 හැවිරිදි සැකකරු අද බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.