Gossips

පාසල් පෙළපොත් මුද්‍රණය ආයතන 27 කට භාරදෙයි

පාසල් සිසුන්ට ලබන වසර සඳහා අවශ්‍ය පෙළ පොත් මුද්‍රණය කිරීම සඳහා ආයතන 27 කට ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
ඒ සඳහා අවශ්‍ය කැබිනට් අනුමැතියද මේ වනවිට හිමිව ඇති අතර, ඊට රුපියල් මිලියන 3,473.1 ක් වැයවනවා.
මේ වසරේ නොවැම්බර් 4 වනදාට පෙර නව වසර සඳහා පෙළ පොත් ලබාදීමටයි අධ්‍යාපන අමාත්‍යාංශය සැළසුම් කර ඇත්තේ.