Gossips

නිදහස් පක්ෂ නායකත්වය නැතිව පෙරමුණු හදන්න බැහැ – රෙජිනෝල්ඩ් කුරේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දකුණු පළාතේ ප්‍රදේශ කිහිපයක බල මණ්ඩල පිහිටුවීමේ වැඩසටහනක් පසුගියදා පැවැත්වුනා.
ඒ උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේගේ ප්‍රධානත්වයෙන්.
බද්දේගම, අක්මීමන, ඉමදුව, ඇල්පිටිය, අම්බලන්ගොඩ යන ප්‍රදේශ ආවරණය කරමිනුයි මෙම බල මණ්ඩල පිහිටුවනු ලැබුවේ.
නව කාර්ය මණ්ඩල පත් කිරීම, ක්‍රියාකාරී සාමාජිකයන් පත් කිරීම, පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳ සහ එම වැඩපිළිවෙල සකස් කළ යුතු ආකාරය පිළිබඳ මෙහිදී පත්වු නව නිලධාරීන් සහ පැමිණ සිටි ජනතාව දැනුවත් කෙරුනා.
මෙහිදී අදහස් දක්වමින් උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ කියාසිටියේ නිදහස් පක්ෂයේ නායකත්වය නොමැතිව පෙරමුණු නිර්මාණය කිරීමට නොහැකි බවයි.
නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තිමය හරය නැවත නගා සිටුවිය යුතු කාලය එළඹ ඇතැයි ද ඔහු එහිදී පෙන්වා දුන්නා.