Gossips

ශ්‍රී ලංකා, බංග්ලාදේශයට 20-20 තරඟාවලියට නවක මුහුණු 05 ක්

ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය සදහා බංග්ලාදේශය නවක ක්‍රීඩකයන් 05 දෙනෙකු සිය සංචිතයට එක් කර තිබෙනවා.
අබු ජායෙඩ්, අර්ෆුල් හක්, මහෙදි හසන්, සකීර් හසන් සහ අෆීෆ් හුසෙන් එම නවක ක්‍රීඩකයන් 05 දෙනායි.
ශකිබ් අල් හසන් විස්සයි විස්ස තරඟාවලියේදී බංග්ලාදේශ පිළට යළි එක් වන අතර, අබු හයිදර් ද වසර දෙකකට පසු බංග්ලාදේශ කණ්ඩායමට එක්වනවා.
තරඟ දෙකකින් සමන්විත ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර විස්සයි විස්ස තරඟාවලිය ලබන 15 වන දා සහ 18 වන දා පැවැත්වීමට නියමිතයි.