Gossips

ජර්මනිය රුසියාවේ පාලනයට නතුව ඇති බව ට්‍රම්ප් කියයි

ජර්මනියට අවශ්‍ය ස්වභාවික ගෑස් ඇතුලූ බලශක්ති ප්‍රභව සියයට 70 ක් පමණ රුසියාවෙන් ආනයනය කරන බැවින් මේ වනවිට ජර්මනිය රුසියාවේ පාලනයට නතුව ඇතැයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කරනවා.
බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරදී නේටෝ ප්‍රධානී ජේම්ස් ස්ටෝල් ටෙන්බර්ග් අද මුණගැසුණු අවස්ථාවේදී ට්‍රම්ප් කියා සිටියේ මෙය නේටෝ සංවිධානයට සුබවාදී තත්ත්වයක් නොවන බවයි.
නේටෝ මෙහෙයුම් සඳහා ප්‍රමාණවත් මුදලක් ගෙවීම පැහැර හැරීම පිළිබඳවද ඇමරිකා ජනාධිපතිවරයා යුරෝපා රටවලට මෙහිදී චෝදනා කළා.