Gossips

තේ තොග අපනයනයේදී රු. 10 ක ස්ථාවර සෙස් බද්දක්

තේ තොග අපනයනයේදී රුපියල් 10 ක ස්ථාවර සෙස් බද්දක් පැනවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
මේ වනවිට අපනයනකරුවන් තේ කිලෝග්‍රෑමයකට රුපියල් විස්සක සෙස් බද්දක් ගෙවනු ලබන අතර, එය මාසික පදනමකින් ගණනය කිරීම නිසා පවතින අපහසුතා මගහරවාගැනීම ස්ථාවර බදු ගාස්තුවක් පැනවීමේ අරමුණයි.