Gossips

ගෙල මිරිකීමෙන් ඝාතනයට ලක්වූ පොලිස් සැරයන්වරයාට උසස්වීමක්

විමර්ශනයකට ගොස් සිටියදී හිමිනමක් විසින් ගෙල මිරිකා ඝාතනය කළ රත්නපුර පොලීසියේ සුළු පැමිණිළි අංශයට අනුයුක්ත සැරයන්වරයා පොලිස් පරීක්ෂක ධුරයට උසස් කර තිබෙනවා.
ඒ පොලිස්පතිවරයාගේ උපදෙස් මතයි.
මෙම නිලධාරියා රාජකාරී ඉටු කිරීමට යාමේදී ඝාතනයට ලක්වීමේ සිද්ධිය සැලකිල්ලට ගනිමින් පොලිස්පතිවරයා මෙම තීරණයට එළඹ තිබෙනවා.
මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ අත්අඩංගුවට ගත් රත්නපුර – ගල්ලැන්ද විහාරස්ථානයේ හිමිනම ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ රත්නපුර මහේස්ත්‍රාත් සාලිය චන්දන අබේරත්න හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.