Breaking

මහ බැංකුව හොරා කෑ රවීගේ සල්ලි වලින් ඇමති මංගලට සයිබර් ප්‍රහාරයක් (මෙන්න වීඩියෝ)

2020 පොදු අපේක්ෂකයා වීමට එජාපය ඇතුලේ ඇත්තේ සීතල යුද්ධයකි. එම සීතල යුද්ධයේ එක් පාර්ශවකරුවෙකුගේ යටි කූට්ටු මගඩියක් අනාවරණය කරගැනීමට අපගේ අභ්‍යන්තර ඔත්තුකරුවන් සමත් වී ඇත. ඒ ගේම්කරුවා වෙන කිසිවෙකුත් නොව, මහබැංකුවට ගේම දී, පක්ෂයේ නම කැත කර අනෙකුත් මන්ත්‍රීවරුන්වද ගේමක් ගසා එයට මාට්ටු කල රවී කරුණානායක නම් බැංකු මංකොල්ලකරුවා ය. අවසානයේ සිය ඇමති පට්ටමටද ආයිබෝවන් කීමට මේ මංකොල්ලකරුට සිදු වූයේ පක්ෂයට ලෙන්ගතු සාමාජිකයන්ගෙන් නැගුනු බලවත් විරෝධය නිසාය.

සිය ඇමති පට්ටමට කෙලවීමත් සමග පක්ෂයේ බොහෝ පිරිස් සමග වෛර බැඳගත් මේ මංකොල්ලකරු බැඳුම්කරයෙන් උපයාගත් මුදල් යොදමින් සිය පක්ෂයේම සිටින සහෝදර දේශපාලඥයින්ට මඩ ගැසීමට කටයුතු කළේය. ඒ සඳහා ෆේස්බුක් ක්‍රියාකාරීන් මුදලට ගැනීමට රවී කරුණානායක කටයුතු කර ඇත. පසුගියදා අප හෙළි කල පරිදි රවී කරුණානායක විසින් සයිබර් කුලී ගණිකාවක හා සමීප සම්බන්ධතා පවත්වමින් ඔහුගේ මඩ ප්‍රහාරයන් උක්ත පුවතේ සටහන් සයිබර් ගණිකාව හරහා සිදුකරවා ගැනීමට මුදල් පොම්ප කරන අයුරුත් ඒ සඳහා පිඹුරුපත් සකසන අයුරුත් අපට සාක්ෂි ලැබී තිබේ.

රවීගේ මෙම මඩ ප්‍රහාරයන් හී අලුත්ම බිල්ල වී ඇත්තේ මංගල සමරවීර මන්ත්‍රීවරයා ය. වත්මන් රජයේ කිසිදු වංචාවකට ගෑවී නම කැත කර නොගත් මන්ත්‍රීවරුන් අතර මංගල සමරවීර ඇමතිවරයා ප්‍රධානය. මංගල සමරවීර මන්ත්‍රීවරයා තමන්ට බරපතල තර්ජනයක් වන බව රවී සිය සමීපතමයන් සමග පසුගියදා පවසා ඇති අතර, මංගල කැපීම සඳහා වැඩ කටයුතු සිදු කල යුතු බවත් පවසා ඇත.

එම ගේමේ එක් පියවරක් සඳහා සැලසුම් සකස් කිරීමට සයිබර් ගණිකාවක් යොදා ගැනීමටත් ඒ වෙනුවෙන් ලක්ෂ ගණන් පොම්ප කිරීමටත් රවී කරුණානායක කටයුතු කරමින් සිටින බවට සාක්ෂි සහිත වීඩියෝවක් ලබාගැනීමට අපගේ අභ්‍යන්තර ඔත්තුකරුවෙකු සමත් වී ඇත. එම සයිබර් ගණිකාව යොදාගෙන මීට කලිනුත් විවිධාකාරයේ මඩ ගැසීම් කර ඇති බවත් එම කටයුතු සඳහා ගෙවීම් කර ඇති බවත් එම වීඩියෝව හරහා අපට අනාවරණය වේ. මේ හෙළිදරව්ව අවසානයට ඔබ දකින්නේ සාක්ෂි සහිත එම වීඩියෝවයි.

එලෙසම මේ සයිබර් ගණිකාව හා රවී කරුණානායකගේ කණ්ඩායම අතර ඇති සම්බන්ධතාවය ගැන වැඩිදුර තොරතුර ලබා ගැනීමට ලියුම්කරු කල සොයා බැලීමකදී අපට පහත සඳහන් සාක්ෂි සොයාගැනීමට ලැබුණි. වරක් මෙම සයිබර් ගණිකාවගේ සටහනකට කුමාර් නමැති රාජපක්ෂ වහලෙකු දැමූ කොමෙන්ටුවත් ඉන්පසු මෙම සයිබර් ගණිකාව විසින් තමන් කෘතිමව (බොරු) තිර සකසන අයුරු කියමන් දමා ඇති කොමෙන්ටුවක් පවා සොයාගැනීමට ලැබුණි. වැලේ වැල් නැතිව සිටින රාජපක්ෂ වහලුන් අතකොලු ලෙස යොදාගෙන මංගල සමරවීරට මඩ ගැසීම සිදුකරගෙන යන බව එයින් පැහැදිලිය.

හිටපු මහබැංකු කොල්ලකරු රවී කරුණානායකට දෙයක් මතක් කල යුතුව තිබේ. රාජපක්ෂ හොරුන් සිය වහලුන් හා එක්ව නැවත රට අගාධයකට රැගෙන යාමට මාන බලමින් සිටින අවස්ථාවක, සිය පක්ෂයේ සහෝදර දේශපාලඥයින්ට මඩ ගැසීම යනු අධම දුෂ්ට කමකි. ඉංග්‍රීසියෙන් එවැනි අධමයින්ට කියන්නේ Backstabber යනුවෙනි. කෙසේවෙතත් සිංහල කියමනකට අනුව “හැංගි හැංගි වෙස් බැන්දට නටන්නට වන්නේ එලිපිටය”. ඔබ එළිපිට නටන්නට පැමිණිදාට සැබෑ එක්සත් ජාතික පාක්ෂිකයින් ඔබට පිළිතුරු සපයනු ඇත.

ඇමුණුම 1

ඇමුණුම 2

ඇමුණුම 3

රවී කරුණානායක බැඳුම්කරයෙන් සොරකම් කල මුදල් ගෙන  අදාල සයිබර් ගණිකාව මංගල ඇමතිවරයාට මඩ ගසන අයුරු පහතින්.

වීඩියෝවේ සටහන් “උදයංගගේ නිව්ස් එක” ලෙස සඳහන් ප්‍රවෘත්තිය සයිබර් ගණිකාවගේ වෙබ් අඩවියක පළවී ඇති අයුරු.

සයිබර් කුලීකරුවා එතැනින් නොනැවතී එජාපයේ අනාගත අපේක්ෂාවක් වන, තරුණ නායක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මැතිතුමාටද මඩ ගසන අයුරු.

ලියුම්කරුට වීඩියෝව ලබාදුන් අපගේ ඔත්තුකරු අවසානයේ පවසා සිටියේ “#### මහත්තයා මේ යකා මෙච්චර තිරිසනෙක් කියල දැනන් හිටියේ නෑ. තමන් කන බොන පක්ෂේටම මෙච්චර කෙනෙහිලිකම් කරනවා කියන්නේ මේ මිනිහා සතේකටවත් විශවාස කරන්න බැරි එකෙක්. ඔය දැනට තියාගෙන ඉන්න ඔය ෆේස්බුක් කාරයවත් තමන්ගේ වැඩටික කරවගෙන, ඕකා ගේම දෙනවා. මම කිව්වේ බොරු නම් බලන්න” යනුවෙනි.

සාක්ෂි සහිත වීඩියෝව

=======================================

මේ සමග ඇති වීඩියෝවේ ඇති දෙබස් අපට හැකි ආකාරයට සටහන් කිරීමට අප උත්සහ කළෙමු. මේ ඒ සටහනයි.
රවීගේ ගෝලයා: නිරෝධ කොහෙද ඉන්නෙ කෝල් වලටවත් ආන්සර් නැත්තෙ මොකද? ෆ්‍රී වෙලවක් කියන්න. වැඩක් කතාකරන්න තියනවා
සයිබර් කුලීකරු : පොඩ්ඩක් බිසී වුනා දවල්. මොකක්ද කේස් එක. කාට හරි මඩක්ද?
රවීගේ ගෝලයා : දැන් ඕකේද? හරි. පොඩි වැඩක්.
සයිබර් කුලීකරු : කියන්න
රවීගේ ගෝලයා : මඩක්. එහෙම කියන්න එපා. මේවා ජොබ්ස්. මඩ නෙමේ.
සයිබර් කුලීකරු : හරි හරි කියපන්. මම මේ අරුන්ගෙ සයිබර් මීටිමට ඇටෑක් කරනවා.
රවීගේ ගෝලයා: අර මංගිට කරන වැඩේ ටිකක් සැර කරන්න වෙලා.
සයිබර් කුලීකරු : ඒක යනවනෙ බන් හොදට. තව මොන උට්ටක්ද සැර කරන්නෙ.
රවීගේ ගෝලයා : මදි මදි. සර් සැටිස් නෑ. මොනාද බන්. හූනු බෙට්ටක් වගේනෙ වදින්නෙ
සයිබර් කුලීකරු : උදයංගගෙ නිව්ස් එකත් ගැහුවා අද.
රවීගේ ගෝලයා : ඔව් ඔව් ඒක දැක්ක. ඒ උනාට වැඩේ සැර කරන්න ඕනේ.
සයිබර් කුලීකරු : ගෙවන හැටියට වැඩ බ්‍රෝ. හූනු බෙට්ටක් තරම් ගෙව්වම හූනු බෙට්ටක් වැඩ.
රවීගේ ගෝලයා : සර් මාත් එක්ක කිව්වා තව කව්රු හරි හොයහන් කියල. උඹලා ගෙවන හැටියට කරනවා මදි වගේ.
සයිබර් කුලීකරු : උකන්න හදන්න එපා. වැඩේ කියහන්.
රවීගේ ගෝලයා : හරි. මම සර්ට කතා කරන්නං. මංගිට ගහන එක තව වැඩි කරන්න එනවා.
සයිබර් කුලීකරු : හම්බෙලා කතා කරමු. බජට් එක තව උස්සලා ගමුද?
රවීගේ ගෝලයා : මේ ලොකු ගණන් කියන්න එපා බං. මේ දවස් වල බජට් කැපිලා තියෙන්නේ.
සයිබර් කුලීකරු : උස්සනව නම් මාසෙකට ලක්ෂයක්වත් කියහන්. මාස හතරක්වත් දුවන්නත් ඕන.
රවීගේ ගෝලයා : හම්බෙලා කතාකරන්න තියා. කෝල් එකක් ගත්තම අන්සර් කරපන් මුලින්.
සයිබර් කුලීකරු : ලක්ෂෙ කිව්වෙ දැන් ගාණත් එක්ක නෙවෙයි. වැඩිපුර. හාද?
රවීගේ ගෝලයා : යකෝ උඹලා ගෙවන ගානටත් කරන්නේ අඩුවෙන් තව ලක්ෂෙකුත් අහනවද. මට අවුලක් නෑ. මම සර්ට කියන්නං. සර් ඉන්නේ මේ දවස් ටිකේ බුදු මලෙන්. කරන එක වැඩක් වත් හරියන්නේ නෑ කියලා
සයිබර් කුලීකරු: හරි. අද අරුන්ගෙ සයිබර් සංවිධානෙට ඇටෑක් කරන වැඩක් හැදුවා. ඒකයි. සයිලන්ස් දාලා තිබ්බේ.
රවීගේ ගෝලයා : ඔව්. මොකද්ද ඒ සීන් එක. එක දැක්කා. අගක් මුලක් තේරෙන්නේ නෑ
සයිබර් කුලීකරු: එකෙක් ස්ක්‍රීන්ශොට් වගයක් එව්වා. ඒක හැන්ඩ්ල් කරන්න ඉන්න එකෙක්ගෙ නමට එඩිට් කලා. රෙවිලා ඉන්නෙ සෙට් එක. ගොන් උට්ටලා බෝතලයක් ගැව්වම ඔක්කොම එවනවා.
රවීගේ ගෝලයා : එහෙමද? ඕකුන්ගෙ වැඩ අවුල් කරලා දාපන්. මේ දවස් වල සර්ට ඔකුන්ගෙන් සැරට වදින්නේ නෑ. ඒක නිසා අපි අනිත් උන්ට ගහන එක කරන්න ඕනේ. සර්ට ගහන්න ගත්තම ඒවා කවර් කරන්න වෙනවා
සයිබර් කුලීකරු : ඔව්. අරූව මරන් කනවා සෙට් එකක්. කොටවපුහම අපට ගහන්න වෙලාවක් නෑ. උන් උන් මරා ගන්නවා.
රවීගේ ගෝලයා : එල. මම සර්ට කියන්නං. වැඩේ අදම පටන් ගනින්. හැබැයි පුතෝ ගාන නං වැඩියි. මම කියල බලන්නන්. සර් කැමති උනොත් හරි. නැත්නං අඩු කරන්න වෙයි උඹට.
සයිබර් කුලී කරු: රෑ වරෙන්. කතා කරමු වැඩේ ගැන එහෙනම්. ලොක්කාට අපිව උස්සලා තියහන්. දන්නවනේ ඉතින්. අපිත් ජීවත් වෙන්න ඕනනෙ.
රවීගේ ගෝලයා : එල. බොන්නේ නැතුව හිටපන් මේක කතා කරලා ඉවරයක් වෙනකන්. නැත්නං රෑ කතා කරපුව උඹට ආයෙත් උදේටත් මතක් කරන්න වෙනවා.
සයිබර් කුලීකරු : මම එන්නම්. ගෑණිගෙන් බේරිලා පැනගන්න බැරිව ඉන්නෙ. රාජගිරියට එන්නද?
රවීගේ ගෝලයා : ඔව්.  එදා ප්ලේස් එක ශේප් නේ.  එතනම සෙට් වෙමු.
සයිබර් කුලීකරු : හරි මම එන්නම් එතනට. අපේ උන්ට කියන්න එපා අපි සෙට් වුනා කියලා.
රවීගේ ගෝලයා : නෑ නෑ. මේක රහසිගත වැඩක්. කව්රුත් නැති එක තමයි හොඳ.
සයිබර් කුලීකරු : හරි පැයක් දියන්.
රවීගේ ගෝලයා : එල එහෙනං සෙට් වෙමු. මම වෙලාවට එතන. ඉක්මනට වරෙන්