Gossips

කතරගම පූජා භූමියේ කේරළ ගංජා අලෙවි කළ දෙදෙනෙක් අත්අඩංගුවට

තම යට ඇඳුම්වල සඟවා කතරගම පුජා භූමියේ කේරළ ගංජා අලෙවි කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තංගල්ල කොට්ඨාශ සංවිධානාත්මක අපරාධ මැඩලීම් ඒකකයේ නිලධාරීන් විසිනුයි අද පෙරවරුවේ ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.
එක් පුද්ගලයෙක් කතරගම ගෝතමීගම පදිංචි 34 හැවිරිදි අයෙක් වන අතර අනෙක් සැකකරු ගාමිණීපුර පදිංචි 36 හැවිරිදි අයෙක්.
ඔවුන් කතරගම පූජා භූමියේ ඇවිද යමින් වන්දනාවේ පැමිණෙන තරුණයන්ට කේරළ ගංජා පැකට් කර අලෙවි කරමින් සිටියදී අත්අඩංගුවට පත්ව තිබෙනවා.
ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ කාලයක සිට මෙලෙස වන්දනාකරුවන්ට ගංජා අලෙවිකර ඇති බවයි.
වැඩිදුර විමර්ශණ සඳහා සැකකරුවන් දෙදෙනා කතරගම පොලිසියට භාරදී තිබෙනවා.