Gossips

ගෝන මස් ප්‍රවාහනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට (ඡායාරූප)

පොළොන්නරුව – අංගම්මැඩිල්ල ජාතික වනෝද්‍යානයේ සිට දඩමස් ප්‍රවහනය කළ පුද්ගලයෙකුට පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් 40,000ක දඩයක් නියම කර තිබෙනවා.
සැකකරු ඊයේ පස්වරුවේ වනෝද්‍යානයේ සිට දඩමස් ප්‍රවාහනය කරන බවට ලැබුණු තොරතුරක් මත වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බවයි අප වාර්තාකරු කියා සිටියේ.
ඒ අනුව දඩමස් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථය ලූහුබැඳ ගිය නිලධාරීන් එය නතර කිරීමට අණ කළද එය නොසළකාා ඉදිරියට ධාවනය කර ඇති අතර, අනතුරුවයි වනජීවී නිලධාරීන් එම ලොරි රථය හරස් කර පරීක්ෂා කර ඇත්තේ.
එහිදී ලොරිය තුළ තිබී ගෝනමස් කිලෝ 10 ක් සොයාගෙන ඇති අතර, ඒවා සහ සැකකරු අද දින පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙලෙස දඩ නියම කර ඇත්තේ.
ඔහු ප්‍රදේශයේ හෝටලයක් පවත්වාගෙන යන එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල ආධාරකරුවෙකු බව සඳහන්.
සැකකරු සිය හෝටලයට මෙලෙස කළක පටන් දඩ මස් රැගෙන එන බව අනාවරණ වී තිබෙනවා.

ඡායාරූප – මනම්පිටිය නිමල් ජයරත්න