Gossips

දිවයින හරහා තවදුරටත් ප්‍රහාරාත්මක සුළං – කොළඹ නිවාස 153කට හානි

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද උදෑසන බලපෑ දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් නිවාස 153 කට හානි සිදුව තිබෙනවා.
මේ අතර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ දිවයින හරහා තවදුරටත් ප්‍රහාරාත්මක සුළං හේතුවෙන් බලපෑම් එල්ල විය හැකි බවයි.
කොළඹ දිස්ත්‍රික්කයේ පිලියන්දල, හෝමාගම, මොරටුව, දෙහිවල සහ ගල්කිස්ස යන ප්‍රදේශවලට උදෑසන ඇති වූ දැඩි සුළං හේතුවෙන් බලපෑම් එල්ල වී ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි කියා සිටියේ.
මේ අතර, ගාල්ල – බද්දේගම ප්‍රදේශයට උදෑසන බලපෑ සුළං තත්ත්වය හේතුවෙන් පාසල් ගොඩනැගිල්ලකට හානි සිදුවී තිබෙනවා.
එමෙන්ම, මධ්‍යම කඳුකරයේ බෑවුම් ප්‍රදේශවලට ද තද සුළං සමඟ වැසි ඇති වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ අද අලූයම ඝණ මීදුම් තත්ත්වයක් ද වරින්වර මතුවීම නිසා ගමනාගමනයට ද බාධා එල්ල වී තිබෙනවා.