Gossips

නීති විරෝධී ලෙස රැගෙන ආ රත්‍රන් තොගයක් සමග ඉන්දියානු ජාතිකයෙකු අත්අඩංගුවට

ඩුබායි සිට නීති විරෝධී ලෙස රැගෙන ආ රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමකින් යුත් රත්‍රන් තොගයක් සමග ඉන්දියානු ජාතිකයෙකු අද (11) කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙදි රේගු නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු 30 හැවිරිදි ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ පදිංචිකරුවෙකු බවයි මුලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.
මෙලෙස නීති විරෝධී ලෙස රැගෙන ආ රත්‍රන්වල බර කිලෝ 03කට අධික බව රේගුව නිලධාරින් සදහන් කළා.
සැකකරුගේ ගමන් මල්ල පරික්ෂා කිරීමේදීයි මේ රත්‍රන් තොගය සොයාගෙන ඇත්තේ.
ගුවන් තොටුපල රේගුව වැඩිදුර විමර්ශන සිදුකරනවා.