Gossips

රජයේ විධායක නිලධාරින්ට ජනාධිපති ලේකම්වරයාගෙන්, සාකච්ඡාවක්

තම ඉල්ලීම්වලට විසඳුම් ලබාදීම සඳහා සති දෙකක් ඇතුළත ජනාධිපති ලේකම්වරයා සමඟ සාකච්ඡාවක් ලබාදීමට බලධාරින් පොරොන්දු වූ බව රජයේ විධායක නිලධාරින්ගේ ඒකාබද්ධ කමිටුව ප්‍රකාශ කළා.
සංකේත වැඩවර්ජනයක නිරත ඔවුන් අද පෙරවරුවේ කොළඹ කොටුව දුම්රියපොල ඉදිරිපිට සිට පාගමනින් ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පැමිණි අතර, එහිදී නියෝජිතයින් 5 දෙනෙකුට සාකච්ඡාවක් ලබාදීමටයි බලධාරින් කටයුතු කළේ.