Gossips

සුළඟින් කොළඹ නිවාස 150 කට අධික සංඛ්‍යාවකට හානි

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (11) උදෑසන බලපෑ දැඩි සුළං තත්ත්වය හේතුවෙන් නිවාස 150කට අධික ප්‍රමාණයකට හානි සිදුව තිබෙනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ පිළියන්දල, හෝමාගම, මොරටුව, දෙහිවල, ගල්කිස්ස යන ප්‍රදේශවලින් මෙම හානි වාර්තා වන බවයි.
මේ අතර, පිළියන්දල – ඇරැව්වල පසන් මාවත ප්‍රදේශය හරහා අද උදෑසන හමා ගිය සුළඟකින් නිවාස 10 කට අධික සංඛ්‍යාවකට හානි සිදුව ඇති බව එහි සිටින අප වාර්තාකරු කියා සිටියා.