Gossips

තරුණියන් දෙදෙනෙක් ගම්පහදී දුම්රියට ගෙළ තබා සියදිවි හානිකරගනී

ගම්පහ සහ දාරළුව දුම්රිය ස්ථාන අතරදී තරුණියන් දෙදෙනෙකු දුම්රියට ගෙළ තබා සියදිවි හානිකරගෙන තිබෙනවා.
ඊයේ රාත්‍රී කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වූ දුම්රියට රාත්‍රී 8.45 ට පමණ ගම්පහ දුම්රිය ස්ථානය ආසන්නයේදී මොවුන් දෙදෙනා ගෙළ තබා ඇති බවටයි වාර්තා වන්නේ.
මෙලෙස මියගොස් ඇත්තේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණියක් සහ මීගමුව ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණියක් බවයි අනාවරණ වී ඇත්තේ.
ඔවුන් දෙදෙනා කටුනායක එකම ඇඟලුම් කම්හලක සේවයේ නිරත තරුණියන් දෙදෙනක් බවටයි වැඩිදුර තොරතුරු වාර්තා වී ඇත්තේ.
මෙලෙස සියදිවි හානිකරගෙන ඇති එක් තරුණියක් විසින් ලියා තැබූ ලිපියක්ද එම ස්ථානයේ තිබී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
මේ අතර එහි තිබී විදේශ ගමන් බලපත්‍රයක්, ගමන් බෑගයක්, සේවා හැඳුනුම්පතක්, යතුරක් සහ එකම වර්ගයේ ජංගම දුරකථන දෙකක් පොලිසියට හමුවී ඇති බවයි වාර්තා වන්නේ.
ගම්පහ පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.