Gossips

ප්‍රංශය, ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් තරඟයට

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගැනීමට යුරෝපීය නිල් සංගීතකරුවන් ලෙස නම් දරා සිටින ප්‍රංශ කණ්ඩායම ඊයේ සමත් වුණා.
ඒ, යුරෝපීය රතු යක්ෂයින් ලෙස නම් දරා සිටින බෙල්ජියම් කණ්ඩායම ගෝල එකට බින්දුවක් ලෙස පරාජයට පත් කරමින්.
ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ පළමු අවසන් පූර්ව තරගය රුසියාවේ ශාන්ත පීටර්බර්ග් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා.
1986 වසරෙන් පසුව ලෝක කුසලාන පාපන්දු තරගාවලියකදී මෙම කණ්ඩායම් දෙක මුණ ගැසුණු පළමු අවස්ථාව මෙය වීම ද විශේෂත්වයක්.
1998 වසරේ පාපන්දු ලෝක කුසලානයේ උරුමකරුවන් බවට පත්වූ 2006 වසරේදී අනුශූරතාවය හිමි කර ගත්තා.
ජගත් පාපන්දු වර්ගකීකරණයේ 3 වන ස්ථානයේ බෙල්ජියම පසුවන අතර ප්‍රංශයට හිමිව ඇත්තේ 7 වන ස්ථානයයි.
rnrn