Gossips

පාරිභෝගිකයා ආරක්ෂා කර ගැනීමට වැඩපිළිවෙලක්

භාණ්ඩ හා සේවා සැපයීමේදී ඇතැම් වෙළඳුන් අසීමිත ලාභයක් ඉපයීම හේතුවෙන් මතුව තිබෙන අහිතකර තත්වයෙන් පාරිභෝගිකයා ආරක්ෂා කරගැනීමේ විධිමත් වැඩපිළිවෙලක් පිළිබඳව ජාතික ආර්ථීක සභාවේ අවධානය යොමුවී තිබෙනවා.
ජනාධිපති කාර්යාලයේදී ජනාධීපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ජාතික ආර්ථීක සභාව ඊයේ (10) රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
මෙරට විදේශ සංචිත ප්‍රමාණය වර්ධනය කරගැනීම සඳහා අපනයන ප්‍රවර්ධනය කිරීම සහ අපනයන කළමනාකරණ කිරීම සම්බන්ධයෙන් බදු ප්‍රතිපත්තියේ සිදුකළ යුතු සංශෝධන පිළිබඳවද මෙහිදී අවධානය යොමුවී තිබෙනවා.
එමෙන්ම අපනයන ප්‍රවර්ධනය සඳහා වැඩි සහන ලබාදීමටත්, දිරිගන්වන බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම සඳහා සාකච්ඡාවට ලක්වී ඇති බව සඳහන්.