Gossips

වෘත්තීය සමිති 19ක් අද ලෙඩ වෙයි

ආයුර්වේද වෛද්‍ය, මිනින්දෝරු සහ දේශීය ආදායම් ඇතුලු ක්‍ෂේත්‍රවල වෘත්තිය සමිති 19 කට අයත් නියෝජිතයින් අද (11) අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වනවා.
රජයේ විධායක නිලධාරින්ගේ වැටුප් විෂමතාවට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලා සිදුකෙරෙන මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට සමගාමීව අද (11) පෙරවරුවේ කොළඹ දී විරෝධතාවක් ද පවත්වන බවයි රජයේ විධායක නිළධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවේ ලේකම් එච්.ඒ.එල්. උදයසිරි කියා සිටියේ.