Gossips

2050 වනවිට පූර්ණ සංවර්ධිත රටක් කිරීමට සැළසුම් කර අවසන් – අගමැති

වසර 2050 වනවිට ශ්‍රී ලංකාව පූර්ණ සංවර්ධිත රාජ්‍යයක් බවට පත්කිරීම සඳහා අවශ්‍ය සැළැස්ම සකස් කර අවසන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.
සිංගප්පූරුවේ සංචාරයක නිරත අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද පෙරවරුවේ එහි පැවති ශ්‍රී ලංකා – සිංගප්පූරු ව්‍යාපාරික හමුවේදී කොළඹ වරාය නගර ව්‍යාපෘතිය හරහා ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ඇතිකරන බලපෑම සම්බන්ධයෙන් නැගුණු ප්‍රශ්නයකට පිලිතුරු ලබාදෙමින්.