Gossips

පළාත් පාලන ආයතන 104 ක ප්‍රතිඵල නිකුත් වෙයි – පොහොට්ටුව ඉදිරියෙන්

පළාත් පාලන ආයතන 340 ඡන්ද විමසීමට අදාළව මෙතෙක් නිකුත් වී ඇති ඡන්ද ප්‍රතිඵල අනුව පළාත් පාලන ආයතන 66 ක් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්ව තිබෙනවා.
ඒ ඡන්ද දොළොස් ලක්ෂ 18,082 ක් ලබා ගනිමින්.
ඔවුන්ට හිමිවී ඇති මන්ත්‍රී ආසන සංඛ්‍යාව 891 ක්.
පළාත් පාලන ආයතන 15 ක් ජයග්‍රහණය කිරීමට ඉලංගෙයි තමිල් අරුසු පක්ෂය සමත්වූ අතර, ඔවුන්ට හිමිවී ඇති ඡුන්ද සංඛ්‍යාව එක්ලක්ෂ 3130 ක්. ඔවුන් මන්ත්‍රී ආසන 139 ක් ද ලබා සිටිනවා.
පළාත් පාලන ආයතන 12 ක් ජයග්‍රහණය කිරීමට එක්සත් ජාතික පක්ෂය සමත් වුණා.
ඒ ඡන්ද අටලක්ෂ 22,599 ක් ලබා ගනිමින්.
ඔවුන්ට හිමිව ඇති මන්ත්‍රී ආසන සංඛ්‍යාව 595 ක්.
එක්සත් ජනතා නිදහස් සන්ධානයට සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කර ඇති මුළු පළාත් පාලන ආයතන සංඛ්‍යාව 5 ක්. ඔවුන්ට ඡන්ද තුන්ලක්ෂ 66,022 ක් හිමිව තිබෙන අතර මන්ත්‍රී ආසන 284 ක් ද හිමිවුණා.
ජනතා විමුක්ති පෙරමුණට කිසිදු පළාත් පාලන ආයතනයක් මෙතෙක් ජයග්‍රහණය කිරීමට හැකියාව ලැබී නැහැ.
ඔවුන්ට නිකුත් කළ ප්‍රතිඵල අනුව ඡන්ද එක්ලක්ෂ 63,663 ක් හිමිව ඇති අතර ලැබී ඇති මන්ත්‍රී ආසන සංඛ්‍යාව 113 ක්.
ස්වාධීන කණ්ඩායම් දෙකකට ද පළාත් පාලන ආයතනවල බලය හිමිව තිබෙනවා.
ඊට අමතරව අකිල ඉලංගෙයි තමිල් කොංග්‍රසයට එක් පළාත් පාලන ආයතනයක බලය සහ මුස්ලිම් ජාතික සන්ධානය සහ ජාතික කොංග්‍රසය එක් පළාත් පාලන ආයතනය බැගින් ජය හිමිකර ගත්තා.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට මන්ත්‍රී ආසන 11 ක් හිමිවී ඇති අතර ඔවුන්ට ලැබී ඇති ඡන්ද සංඛ්‍යාව එක්ලක්ෂ 3130ක්.