Gossips

සංස්ථා ඉන්ධන මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට

අද මධ්‍යම රාත්‍රියේ සිට සංස්ථා ඉන්ධන මිලද ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා.
ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පස්වරුවේ පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගත් බවයි අමාත්‍ය රාජිත සේනාරත්න සඳහන් කළේ.
ඒ අනුව ඕක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 8 කින්ද. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 7 කින්ද, ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 9 කින් සහ සුපර් ඞීසල් ලීටරයක් රුපියල් 10 කින් ඉහළ නැංවීමටයි තීරණය කර ඇත්තේ.
මීට අමතරව සෑම මසකට වරක් මිල සූත්‍රය අනුව ඉන්ධන මිල සංශෝධනය කිරීමටද මෙහිදී තීරණය කර තිබෙනවා.
මුදල් අමාත්‍ය මංගල සමරවීර, ඛනිජ තෙල් සම්පත් අමාත්‍ය අර්ජුන රණතුංග ඇතුලූ අමාත්‍යවරුන් මෙන්ම අමාත්‍යාංශ ලේකම්වරුන්ද සාකච්ඡාවට සහභාගි වුණා.
පසුගිය බ්‍රහස්පතින්දා මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල වැඩිකළ බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළ අතර, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එම මිල වැඩිකිරීම ක්‍රියාත්මක නොකිරීමට ඊට පසුදා තීරණය කළා.
කෙසේ වෙතත් පසුගියදා ප්‍රකාශයට පත් කළ මිල සංශෝධනයට අනුව ඉන්දියන් ඔයිල් සමාගම මේ වනවිට ඔක්ටේන් 92 වර්ගයේ පෙට්රල් ලීටරයක් රුපියල් 145 කටත්, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්රල් ලීටරයක් රුපියල් 155 කටත් අලෙවි කරනවා.
එමෙන්ම ඔටෝ ඞීසල් ලීටරයක් රුපියල් 118 කටත්, සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 129 වන මුදල් අමාත්‍යාංශය වැඩිකළ මිලටම තවදුරටත් අලෙවි කරන බව සඳහන්.