Gossips

පෙර පාසල් දැරියකට අතවර කිරීමට තැත් කළ පාසල් වෑන් රථ රියදුරෙකුට වසර 07ක සිර දඬුුවම්

වයස අවුරුදු තුන හමාරක දැරියක් අයුතු ලෙස ස්පර්ශ කිරීමේ චෝදනාවට වරදකරු කරන ලද 73 හැවිරිදි පාසල් වෑන් රථ රියදුරෙකුට බරපතල වැඩ සහිතව වසර 07ක සිර දඬුවම් නියම කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග නියෝග කළා.
ඊට අමතරව එම දැරියට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවනා ලෙස ද නියම කල විනිසුරුවරයා එම වන්දිය නොගෙවන්නේ නම් තවත් අමතර බරපතල වැඩ සහිත වසර දෙකක සිර දඩුවම් ද නියම කරනු ලැබුවා.
2010 වසරේදි කොළඹ දී මොහුගේ වෑන් රථයෙන් පෙර පාසල වෙත ගමන් කරමින් සිටි එවකට වසර 3 හමාරක් වූ එම දැරිය අයුතු ලෙස ස්පර්ශ කිරිමේ සිද්ධිය ඇයගේ දෙමව්පියන් ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිලි කිරීමෙන් අනතුරුවයි අදාළ නඩුව ගොනු කර ඇත්තේ.