Gossips

හිරුට විස්සයි දවස් විස්සෙන් කාර් විස්සක් ඔබේම කරගන්න – පළමු වාසනාවන්තයා තේරීම අද සිට ඇරඹෙයි

ශ්‍රී ලංකාවෙ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් නාලිකාව වන හිරු TV ඉතිහාසය උඩු යටිකුරු කරමින් දැවැන්තම තෑගි කන්දරාව ලබා දීමට මේ වන විට කටයුතු සූදානම් කර තිබෙනවා.
ශ්‍රී ලාංකීය මාධ්‍ය ඉතිහාසයේ එදා මෙදා තුර දැවැන්තම තෑගී කන්දරාව ලබාදෙමින් දවස් විස්සකින් රුපියල් ලක්ෂ 500කට අධික Mahindra "REVAe20" මෝටර් රථ 20ක් මෙලෙස හිරු TV ප්‍රේක්ෂක ඔබ වෙත පිරිනමනවා.
එමගින් අද සිට සතියේ දින පහේම රාත්‍රී 7.30 සිට රාත්‍රී 9.55 දක්වා හිරු TV ටෙලි පෙරහැර දිනපතා නරඹන ඔබට රුපියල් ලක්ෂ 25ක් වටිනා නවීන සුඛෝපභෝගී Mahindra "REVAe20" මෝටර් රථ 20ක් හිමිකරගැනීමට ඔබට අවස්ථාව උදාවනු ඇති.
මේ සඳහා ඔබ කලයුත්තේ අද සිට සතියේ දින පහේදී රාත්‍රී 7.30 සිට රාත්‍රී 9.55 දක්වා හිරු TV ටෙලි පෙරහැරේදී විකාශනය වන ටෙලිනාට්‍ය පහ නරඹන අතරතුරදී එක් එක් ටෙලිනාට්‍ය ඇසුරෙන් අසන ලද ප්‍රශ්නවලට අදාල නිවැරදි පිළිතුරු අංක අනුපිළිවෙලින් SMS එවීමයි.
HTP (හිස්තැනක්)(නිවැරදි පිළිතුරු අංක අනුපිළිවෙල)(හිස්තැනක්) නම, ජාතික හැඳුනුම්පත් අංකය සමඟින් ඔබේ ප්‍රදේශය ඇතුලත් කොට 7766 ට SMS කරන්න…
උදා: HTP 1342 Sanda 850870608v Gampaha
දවසේ ජයග්‍රාහකයාගේ නම තාමත් ආදරේ නැත්නම් නාට්‍යය අතරතුර තිරයේ දිස්වනු ඇති.
ඒ ජයග්‍රාහකයා ඔබ නම් විනාඩි 3 ක් ඇතුලත 0114799736 දුරකථන අංකයට කතාකර ඔබේ අනන්‍යතාවය තහවුරු කරන්න.
මෙම ඇදහිය නොහැකි දැවැන්ත තෑගි කන්දරාව ලබා දෙන්නේ හිරුගේ 20වන සංවත්සරයට සමගාමීවයි.
එමෙන්ම හිරු සැලසුම් කර ඇත්තේ එම මෝටර් රථය හිමිකර ගැනීම සඳහා ඉතා සරල මෙන්ම පහසු ක්‍රමවේදයක් දියත් කිරීමටයි. ඒ අනුව ඕනෑම හිරු ටීවී ප්‍රේක්ෂකයෙකුට මෙම Mahindra "REVAe20" මෝටර් රථය පහසුවෙන්ම හිමි කර ගන්නට හැකියාව තිබෙනවා.
වැඩි විස්තර සඳහා හිරු TV නරඹන්න. ඒ අනුව නවතම මෝටර් රථයක සාඩම්බර හිමිකරුවෙකු වී ඔබගේ ජීවිතය සරුකර ගන්නට හිරු TV ප්‍රේක්ෂක ඔබටත් නුදුරේදීම හැකියාව ලැබෙනු ඇති.