Gossips

අයුර්වේදයෙන් ගණිකා සේවය සපයද්දී පොලිසියට හසුවෙයි

ගණිකා නිවාසයක් වටලා සැකකාරියන් 05 දෙනෙකු ඊයේ (09) පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ආයුර්වේද මධ්‍යස්ථානයක් මුවාවෙන් රාජගිරිය, වැලිකඩ ප්‍රදේශයේ මෙම ගණිකා නිවස පවත්වාගෙන ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.
අත්අඩංගුවට ගැනුණු පිරිස අතර අදාල මධ්‍යස්ථානයේ කළමනාකාරිය ලෙස කටයුතු කළ කාන්තාවක් සහ ගණිකා සේවයේ නියැලුණු තැනැත්තියන් සිව්දෙනෙක් සිටින බව සඳහන්.
පොලිසිය වැඩිදුරටත් පවසන්නේ මොවුන් 40, 23, 24 සහ 28 යන වයස් සීමාවල පසුවන්නියන් බවයි.
අත්අඩංගුවට ගත් මොවුන් හලාවත, රාජගිරිය, මඩපාත, බලන්ගොඩ සහ මැදගම යන ප්‍රදේශය වල පදිංචිකාරිනියන්.
සැකකාරියන් අද (10) දින අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.