Gossips

ඝාතන සහ අපරාධ දිනෙන් දින ඉහළ යන බව හිටපු ජනපති කියයි

රටේ ඝාතන සහ අපරාධ දිනෙන් දින ඉහළ යන්නේ ආණ්ඩුවේ පවතින දුර්වල පාලනය හේතුවෙන් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
මුතියංගනය රජමහා විහාරය වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමින් හිටපු ජනාධිපතිවරයා අද මේ බව සඳහන් කළා.