Gossips

වතු කම්කරු වැටුප් වැඩි කිරීම සදහා එකඟතා ගිවිසුමක්

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම සදහා වතු අයිතිකරුවන් සමඟ ලබන ඔක්තෝබර් මාසයේ එකඟතා ගිවිසුමකට අත්සන් කිරීමට නියමිත බව අමාත්‍ය පලනි තිගම්බරම් පවසනවා.
අමාත්‍යවරයා මේ අදහස් පලකළේ වතු කම්කරුවන් වෙනුවෙන් ඉදිකළ නිවාස 95 ක් ඊයේ (08) ජනතා අයිතිය පත්කිරීමේ උත්සවයකට එක්වෙමින්.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පවසා සිටියේ වතු කම්කරුවන්ට රුපියල් 1000 ක මුලික වැටුපක් ලබාදීමට ඉදිරියේදී කටයුතු කරන බවයි.