Gossips

“හිරුට විස්සයි – තෑගි වැස්සයි“ පළමු ට්‍රක් රථය දිනාගත් වාසනාවන්තයාගේ නිවසට තෑග්ගත් අරන් හිරු ගිය ගමන

ශ්‍රී ලාංකේය මාධ්‍ය ඉතිහාසයේ එදා මෙදා තුර දැවැන්තම තෑගි කන්දරාව ලබාදෙමින් හිරුගේ 20 වන සංවත්සරය වෙනුවෙන් හිරුට විස්සයි, තෑගි වැස්සයි වැඩසටහන යටතේ ලක්ෂ 350 කට අධික වටිනාකමකින් යුත් ට්‍රක් රථ තිලිණ කිරීම පසුගියදා ඇරඹුණා.
ඒ අනුව ඒ සඳහා එස්.එම්.එස්. යොමුකළ ලක්ෂ සංඛ්‍යාත පිරිස අතරින් පළමු ට්‍රක් රථය දිනාගත් වාසනාවන්තයා බවට පත්වුණේ ඇඹිලිපිටිය ඕමල්පේ පදිංචි උපතිස්ස විතාරණ යි.
මෙම එක් ට්‍රක් රථයක් රුපියල් ලක්‍ෂ 17 හමාරකට වැඩි වටිනාකමකින් යුක්තයි.
ඒ අනුව ඔහුට හිමි නවතම ට්‍රක් රථයක රැගෙන හිරු පිරිවර අද උදෑසන ආසියානු මාධ්‍ය ජාලයේ ප්‍රධාන කාර්යාලීය පරිශ්‍රයේ සිට ගමන් ආරම්භ කළා.
පසුව වැල්ලවත්ත , පානදුර , හොරණ , ඉංගිරිය , රත්නපුර , පැල්මඩුල්ල , කහවත්ත ප්‍රදේශය පසුකර පළමු ට්‍රක් රථය ගමන් ගත් ගත් රිය පෙරහැර පළමු ට්‍රක් රථය දිනාගත් වාසනාවන්තයා වන ඇඹිලිපිටිය ඕමල්පේ පදිංචි උපතිස්ස විතාරණගේ නිවසට පැමිණියා.
එහිදී පළමු ට්‍රක් රථයේ ජයග්‍රාහකයා වූ උපතිස්ස විතාරණට ට්‍රක් රථයේ යතුර පිරිනැමුණා.
වසර 20ක් පුරා හිරු සමඟ බැඳී සිටි අසන්නන් වෙත හිරුගේ සතුට ප්‍රකාශ කිරීම පිණිස මෙම ට්‍රක් රථ ලබා දෙනවා.
මේ සඳහා ඔබ කළ යුත්තේ උදෑසන 7 ත් රාත්‍රී 7 ත් අතර හිරුගෙන් ඇහෙන ට්‍රක් රථයට පාර කියන වාසනාවන්ත වෙලාව Hiru වාසනාවන්ත වෙලාව සමඟ ඔබේ නම, ගම, හැඳුනුම්පත් අංකය සමඟ 7766 ට SMS කිරීමයි.
“හිරුට විස්සයි – තෑගි වැස්සයි“ පළමු ට්‍රක් රථය දිනාගත් වාසනාවන්තයා උපතිස්ස විතාරණට ට්‍රක් රථයේ යතුර පිරිනැමුණු අවස්ථාව සජීවීව පහතින්..