අත්තනගල්ල ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමේදී හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග සහ අත්තනගල්ල ප්‍රාදේශීය සභා සභාපති ප්‍රියන්ත පුෂ්පකුමාර ඇතුළු පිරිසක් අතර අද උණුසුම් තත්ත්වයක් හට ගත්තා.
වැඩිහිටි දීමනාව ලබාදීමේදී අක්‍රමිකතා සිදුව ඇති බවට කතාබහක් ඇතිවීමත් සමඟ හිටපු ජනාධිපතිනිය කියා සිටියේ මීට පෙර ද මෙවැනි සිදුවීම් වාර්තා වී ඇති බවයි.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන අත්තනගල්ල ප්‍රාදේශීය සභා සභාපති ප්‍රියන්ත පුෂ්පකුමාර සහ පළාත් සභා මන්ත්‍රී උපුල් මහේන්ද්‍ර ඊට විරුද්ධව ප්‍රතිචාර දැක්වීම හේතුවෙනුයි මෙම උණුසුම් තත්ත්වය හට ගත්තේ.
එමෙන්ම, හොරණ ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීම ද අද උණුසුම් තත්ත්වයක් ඇති වූයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුට කමිටු රැස්වීමට ආරාධනා නොකිරීම හේතුවෙන්.
කෙසේ වෙතත්, ඊට මද වේලාවකට පසු පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක රැස්වීම පැවති ශාලාවට පැමිණියේ ආරාධනා නොලද මන්ත්‍රීවරුන් සමඟින්.
එහිදී හොරණ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සම සභාපතිවරුන් මන්ත්‍රීවරයාට කරුණු පැහැදිලි කිරීමට යාමේදී උණුසුම් තත්ත්වයක් හට ගත්තා.