Gossips

කොබවක හිමියන් එස්.ටී.එෆ්. ආරක්ෂාව ඉල්ලයි

වෙඩි ප්‍රහාරයකට ලක්ව දැනට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන කිරිවෙහෙර රජමහා විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව ඉල්ලා තිබෙනවා.
ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ලිපියක් යොමුකරමින්.
එමෙන්ම උන්වහන්සේගේ රෝහල් ගාස්තු රජය මගින් ගෙවන බවට මීට පෙර ප්‍රකාශ වුවත්, මෙතෙක් ඒ සම්බන්ධයෙන් දැනුම්දීමක් සිදුකර නොමැති බවයි කිරිවෙහෙර රජමහා විහාරවාසී පූජ්‍ය හිනිදුම සුගතවංශ හිමියන් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
පසුගිය 12 වනදා උන්වහන්සේට මෙම වෙඩි ප්‍රහාරය එල්ල වූ අතර, ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් මේ වනවිට ප්‍රතිකාර ලබන කොළඹ පෞද්ගලික රෝහල වෙත ගුවන් මගින් රැගෙන එනු ලැබුවා.
අප මේ සම්බන්ධයෙන් බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරාගෙන් කළ විමසීමකදී අමාත්‍යවරයා සඳහන් කළේ කිරිවෙහෙර රජමහා විහාරාධිපති හිමියන්ගේ රෝහල් ගාස්තු ගෙවීම සම්බන්ධයෙන් සහ උන්වහන්සේගේ ආරක්ෂාව පිළිබඳව හෙට දිනයේදී ජනාධිපතිවරයා දැනුවත් කරන බවයි.