Gossips

අගමැති සිංගප්පූරුවේදී තුන් ඈඳුතු සමුළුව අමතයි

6 වන ජගත් පුරවර සමුළුව, ජාත්‍යන්තර ජල සතිය හා පිරිසිදු පරිසර සමුළුව යන තුන් ඈඳුතු සමුළුව අද සිංගප්පූරුවේදී ආරම්භ වූ අතර, එහි ආරම්භක සැසි වාරයේ ප්‍රධාන දේශනය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිදුකර තිබෙනවා.
සිංගප්පූරුවේ අද ආරම්භ වූ මෙම සමුළුව සඳහා රටවල් 135ක නියෝජිතයින් එක්ව සිටින බව සඳහන්.
සමුළුව අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර ඇත්තේ ගෝලීය වටිනාකම් දාමයන් සමඟ සහසම්බන්ධවීම, සියළු සමාජ කොටස් අන්තර්ගත කර ගැනීම හා පැරණි සහ නවීන පාරිසරික පද්ධති සේවාවන් වෙත ළංවීම ඔස්සේ වනජීවි හා තිරසර නගර නිර්මාණ අභියෝගයට මුහුණ දිය හැකි බවයි.
මේ අතර, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී ශින් ලූං අතර හමුවක් ද අද සිදුවී තිබෙනවා.
ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුමත් සමඟ මෙරට ආයෝජන අවකාශයන් වැඩි කිරීමට කටයුතු කරන බවයි සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා එහිදී සඳහන් කර ඇත්තේ.