Gossips

හැටන් දික්ඔයට කම්කරු කොංග්‍රස් – පොදුජන පෙරමුණු සන්ධානයක්

හැටන් දික්ඔය නගර සභාව සදහා ලංකා කම්කරු කොංග්‍රසය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්වී කටයුතු කිරීමට තීරණය කර තිබෙනවා.
මෙවර පළාත් පාලන මැතිවරණයෙන් ලංකා කම්කරු කොංග්‍රසය හැටන් – දික්ඔය නගර සභාවේ ආසන 2 ක් සහ ප්‍රසාද මන්ත්‍රී ධුර දෙකක් හිමිකරගෙන සිටිනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ද ලබා ගත් ඡන්ද ප්‍රතිශතය අනුව ප්‍රසාද මන්ත්‍රී ධුර 2 ක් හිමිකර ගත්තා.
මේ අනුව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ලංකා කම්කරු කොංග්‍රසය හැටන් – දික්ඔය නගර සභාවේ සහ නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ බලය ලබා ගැනීම සදහා එක්වීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.