Gossips

අදත් දිවයිනේ පළාත් කිහිපයකට වැසි

දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ පළාත්වලට සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලට වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එසේම අනුරාධපුර දිස්ත්‍රික්කයට සිහින් වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
දිවයින හරහා විශේ්ෂයෙන් උතුර, උතුරුමැද, වයඹ පළාත්වලට සහ මාතලේ ත්‍රිකුණාමලය, අම්පාර, මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලට පැයට කිලෝමීටර 40ත් 50 ත් පමණ තද සුළං ඇතිවිය හැකියි.
එසේම පුත්තලම සිට කොළඹ, මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළෙඟ් වේගය පැයට කිලෝමීටර 70 දක්වා ඉහළ යා හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
මේ හේතුවෙන් එම ප්‍රදේශවල මුහුද රළුවිය හැකි නිසා ඒ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස ධීවර සහ නාවික ප්‍රජාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.