Gossips

විග්නේෂ්වරන්ගේ ගැසට් නිවේදනයට එරෙහි අතුරු තහනම යලි දීර්ඝ කරයි

උතුර පළාත්, ප්‍රවාහන, ධීවර හා ග්‍රාමීය කටයුතු පිළිබද අමාත්‍ය බී. ඩෙනීෂ්වරන් සිය ධුරයෙන් ඉවත් කරමින් උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් ප්‍රකාශයට පත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් නිකුත් කළ අතුරු තහනම යලි දීර්ඝ කර තිබෙනවා.
මේ මස 27 වනදා දක්වා මෙම අතුරු තහනම දීර්ඝ කරනු ලැබුවේ අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන කුමුදුනී වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා හමුවේ පෙත්සම කැදවූ අවස්ථාවේදීයි.
අභියාචනාව පිළිබදව විරෝධතා ඇත්නම් ලබන 23 ගොනුකරන ලෙස ද, සී.වී විග්නේෂ්වරන් ඇතුළු වග උත්තරකරුවන්ට නියෝග කෙරුණා.