Gossips

ගොකරැල්ලේ බස් අනතුරකින් 60 ක් රෝහල් ගත කෙරේ

දඹුල්ල – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගොකරැල්ල – දියතුරේ ප්‍රදේශයේදී අද දහවල් සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 60 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ මගී ප්‍රවාහනය කරන පෞද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණලා ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
අනතුරෙන් බරපතල තුවාල ලැබූ 40 දෙනෙකු පමණ වැඩිදුර ප්‍රතිකාර සදහා කුරුණෑගල ශික්ෂණ රෝහලට යොමුකර තිබෙනවා.