Gossips

ජපානයේ ජල ගැල්මෙන් ශ්‍රී ලාංකිකයන්ට හානියක් නැහැ

නිරිතදිග ජපානයේ ඇති වී තිබෙන ජල ගැලීම් හා නාය යාම්වලින් ශ්‍රී ලාංකිකයන්ට හානියක් සිදුවූ බවට මෙතෙක් වාර්තා වී නැතැයි ජපාන බලධාරීන් තහවුරු කර තිබෙනවා.
ටෝකියෝ නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පළාත් රාජ්‍ය නිලධාරීන් ඇතුළු අදාළ බලධාරීන් සමඟ මේ සම්බන්ධයෙන් සමීපව කටයුතු කරමින් සිටින බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ.
ජපානයේ ජල ගැලීම්වලින් මිය ගිය සංඛ්‍යාව මේ වන විට 100 ඉක්මවා ඇති අතර, 50 දෙනෙකු පමණ අතුරුදන් වී තිබෙනවා.
ගංඟා ඉවුර තලා යාමත් සමඟ මිලියන 2කට අධික ජපානවාසීන්ට ආරක්ෂිත ස්ථාන කරා ඉවත් වන ලෙස දැනුම් දී ඇති බව සඳහන්. ජපාන ජල ගැල්මෙන් වැඩිම හානියක් සිදුව ඇත්තේ හිරෝෂිමා ප්‍රදේශයටයි.