Gossips

වෛද්‍ය වර්ජනයෙන් ලේ දන්දීමට බාධා

ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ වෛද්‍යවරුන් ආරම්භ කර ඇති වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් ලේ දන්දීමේ කටයුතුවලට බාධා එල්ලවී තිබෙනවා.
එම මධ්‍යස්ථානයේ වැඩබලන අධ්‍යක්‍ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් අද (09) පෙරවරුවේ ආරම්භ කළ වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළේ.
මේ අතර තෝරාගත් සේවා කිහිපයක දීමනා හා වැටුප් ඉහළ දැමීමට ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවා සංගමය අද අසනීප නිවාඩු දැමීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරතවනවා.
ගණකාධිකාරීවරුන්ට අමතරව දේශීය ආදායම්, විගණන සහ ආයුර්වේද වෛද්‍ය ඇතුලූ වෘත්තිය සමිති කිහිපයක නියෝජිතයින් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයට එක්ව සිටින බව සඳහන්.
වෘත්තිය ක්‍රියාමාර්ගයට සමගාමීව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉදිරිපිටදී අද (09) පස්වරුවේ විරෝධතාවක් සිදුකරන බවයි ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවා සංගමයේ ප්‍රධාන ලේකම් ඇන්ටන් පෙරේරා කියා සිටියේ.