Gossips

තිස්ස අත්තනායකගෙන් නව දේශපාලන ව්‍යාපාරයක්

ඉදිරියේදී තමන් නව දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කරන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක ප්‍රකාශ කළා.
අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන හිමියන් ඊයේ බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.
තවදුරටත් එක්සත් ජාතික පක්ෂය ඉදිරියේ දණ ගැසීමට තමන් සූදානම් නොමැති බවයි මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඔහු සඳහන් කළේ.
කෙසේ වෙතත් ඉදිරි ජනාධිපතිවරණයේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ බව අමාත්‍ය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා ප්‍රකාශ කළා.
වන අලි ගැටළුව සම්බන්ධයෙන් මාතලේ – නාවුල ප්‍රදේශයේ ඊයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමිනුයි අමාත්‍යවරයා මේ බව අනාවරණ කළේ.