Gossips

ඉන්දියාවට විස්සයි විස්ස තරඟාවලි ජයක්

එංගලන්තයට එරෙහිව පැවති තරඟ තුනකින් සමන්විත පන්දුවාර විස්සයි විස්ස තරඟාවලිය ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ (08) සමත් වුණා.
ඒ බ්‍රිස්ටල් හිදී පැවැති තුන්වන සහ අවසන් තරගය කඩුලු 07කින් ජයගනිමින්.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම පන්දුවාර විස්ස අවසානයේ කඩුලූ 09ක් දැවී ලකුණු 198ක් ලබා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 4ක් අවසානයේ කඩුලු 03ක් දැවී ලකුණු 203 ක් ලබා ගනිමින් තරඟයේ ජය වාර්තා කළා.
රෝහිත් ෂර්මා පන්දු 56කදි ලකුණු 100ක් නොදැවී රැස්කළේ හයේ පහර 5ක් සහ හතරේ පහර 11ක් ලබාගනිමින්.