Gossips

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් කටුනායකදී අත්අඩංගුවට

අයිස් හෙවත් මෙතැම්පටමයින් නමින් හඳුන්වන මත්ද්‍රව්‍ය තොගයක් සමග ඉන්දීය ජාතිකයෙකු අද අලුයම කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුගේ ගමන් මල්ලේ සගවා තිබු මත්ද්‍රව්‍ය ග්‍රෑම් 514 ක් සොයාගෙන ඇති බවයි අප වාර්තාකරු කියාසිටියේ.
එහි වටිනාකම රුපියල් අනු දෙලක්ෂ පනස් දහසක් බවට අනාවරණ න්‍ි තීබෙනවා.
මැලේසියාවේ ක්වාලාලාම්පුර් නුවර සිට පැමිණි ගුවන් යානයකින් සැකකාර ඉන්දීය ජාතිකයා මෙරටට පැමිණ ඇත්තේ අද අලුයම 4.55 ට පමණයි.
ඔහු ගුවන්තොටුපලේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති හරිත මාවත ඔස්සේ ගුවන්තොටුපලින් පිටව යමින් සිටියදී රේගු නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.
ඒ ඔවුන්ට ඇතිවු සැකයක් මතයි.
එහිදී කළ පරීක්ෂාවේදීයි මතද්‍රව්‍ය හමුවී ඇත්තේ.
සැකකරු වැඩිදුර විමර්ශණ සඳහා මත්ද්‍රව්‍ය තොගය ද සමග පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාරදී තිබෙනවා.