Gossips

නිධන් හෑරූ පස්දෙනෙකු අත්අඩංගුවට

කැකිරාව – හීනුක්කිරියාව වෙල්යායේ අඩක්කලාව ප්‍රදේශයේදී නිධන් ලබාගැනීමේ අරමුණින් කැණීම් කරමින් සිටි පුද්ගලයන් පස්දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගත් මොවුන් සමඟ කැණීම් සඳහා උපයෝගී කරගත් උපකරණ කිහිපයක්ද පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.
සැකකරුවන් අවුරුදු 30 ත් 49 ත් අතර හබරණ සහ කැකිරාව ප්‍රදේශවල පදිංචිකරුවන්.