Gossips

සී.අයි.ඒ. ඇසට හසුවූ ව්‍යාජ මුදල් වංචාව

හිරු සී.අයි.ඒ.හරහා ඊයේ (07) අප හෙළි කළේ සති අන්ත පුවත්පත්වල මෝටර් රථ හා ඉඩකඩම් විකිණීමට දැන්වීම් පළ කළ පසු එහි ඇති දුරකථන අංකවලට ස්වාමීන්වහන්සේ නමක ලෙස පෙනී සිට කථා කරන වංචාකරුවෙකු පිළිබදවයි.
මෙරට වලංගු මුදල් නෝට්ටුවලට සමාන කෝටි ගණනක ව්‍යාජ මුදල් තොගයක් තමන් සතුව ඇති බව පවසන එම වංචනිකයා රුපියල් ලක්ෂ 5 රැගෙන ආ විට ව්‍යාජ මුදල් ලක්ෂ 15 ක් ලබා දෙන බව පවසනවා.
සංවිධානාත්මකව සිදුවන මෙම ජාවාරම වැටලීමට වලාන දුෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී හේමාල් ප්‍රශාන්තගේ උපදෙස් මත පොලිස් කණ්ඩායමක් සමග හිරු සී.අයි.ඒ. මහනුවර ප්‍රදේශයට ලගා වුණා.
එහිදී අනාවරණ වුණේල 2017 වසරේ මාර්තු මාසයේ දී ද වාරියපොල ප්‍රදේශයේදී ව්‍යාජ මුදල් නෝට්ටු ලබා දෙන බව පවසා ජනතාවගේ මුදල් කොල්ල කා පළා යන බවට හිරු සී.අයි.ඒ. හරහා අනාවරණය කළ මෙම පුද්ගලයාම ජාවාරම සදහා ද පැමිණ ඇති බවයි.
මුලින් කළ ප්‍රශ්න කිරීම්වලදී තමන් මෙම ජාවාරමට සම්බන්ධ නැති බව පැවසුව ද පසුව මෙම ජාවරම පිළිබදව හෙළිකිරීමට ඔහුට සිදුවුයේ මෙලෙසින්.